Posts

Showing posts from November, 2018

මෙල්බර්න් ජීවිතේ

මම දන්න කාලෙක ඉදන් මට තිබ්බ මාර අමාරුවක් තමයි රටින් පිට ජීවත් වෙන එක. දැන් ඔයාලට හිතෙනවා ඇති මූ රටට ආදරේ නෑ නේ කියල. නැහැ ඒක ගොඩක් වැරදි කතාවක්. මොකද මට දැනුනු හැගුනු රටට පට්ටම විදිහට ලව් කරන උන් රටින් පිටවෙලා එනවා රටට තියෙන ආදරේ වැඩි කමට, කොච්චර නම් උත්සහ කරත් හදන්න පුලුවන්ද අපේ මිනිස්සුන්ගේ හිතන පතන විදිහ, මිනිහෙක්ට ගොටු අල්ලන්නේ නැතුව ඉස්සරහට යන්න දෙනවද?. එකෙක් නැගිටිද්දි උගෙන් කකුලෙන් අල්ලල ඇදල පගන්නෙ නැත්තෙ කවුද? එකම ගොන් හැත්තකට මාරුවෙන් මාරුවට බලේ දීලා උන්ව ෆෝම් කරල ඊට පස්සේ නහයෙන් අඩන්නේ කවුද?.. මිනිස්සු ඉන්න්වා මේවට කැමති නැති, මේවා එපා වෙච්ච, උන් රටින් පිටවෙනවා..බුද්ධි ගලනය දිගින් දිගටම සිද්ද වෙනවා, ඒක නවත්තන්න බැරි දෙයක්.

ඇරඹූම••••

ඉතින් යාලුවනේ කොහොමද? ඇරඹුමක් කිව්වට බ්ලොග් වල මගෙ ආරම්භය මේක නෙවෙයි! එක එක කාලවල එක එක ජාතියේ බ්ලොග් ලිව්වත් ඒවා මගදි නැවතුනා විවිධ හේතු නිසා, මේ පාර බ්ලොග් ආගමනය සිද්දවෙන්නේ මන් සියලුම සෝශල් මීඩියා ඒ කියන්නේ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වලින් සදහටම අයින් වෙන්න තීරණය කිරීමත් එක්ක මට හිතුනා ඒ කාලය නැවත ලියන්න, බ්ලොග් එකක් කරන්න යොදවන්න පුලුවන් නම් හොදයි කියලා, ලියන්න කියවන්න ආසාවෙන් ඉන්න වෙනමම සෙට් එකක් බ්ලොගින් වල ඉන්න නිසා මන් හිතනවා, වෙනස්ම විදිහේ බ්ලොග් එකකට හැමෝම සහයෝගය දේවි කියල. මන් කවුද කියල විස්තර කරන්න බැරි උනාට සමාවෙන්න ඕන. මගෙ නම ෂහේන්, ජීවත් වෙන්නෙ මෙල්බර්න් නුවර, මම මගේ පශ්චාත් උපාධිය සදහා ඉගෙන ගන්නවා! හරිම සරලයි, කැටයම් නෑ.....ලොකු සීන් නෑ, ඉන්නෙ කොහෙ උනත් හදවතින්ම ශ්‍රී ලාන්කිකයි! බොහොම ස්තූතියි! අලුත් පොස්ට් එකකින් ඉක්ම්නටම හම්බෙමු අපි..